2020ට බන්ඩා

2020 ජනපති

බන්ඩා එක්ක 2020ට අලුත් බලාපොරොත්තුවක්.
හැමදාම චන්දෙ කාලෙට බොරු පොරොන්දු වලට රැවටෙන එකේ තව එක පාරක් බන්ඩටත් රැවටිලා බලන්න.
” මගේ වම් පස දෙස බලන්න. මගේ දකුණු පස දෙස බලන්න. ඉදිරිපස, අවශ්‍ය නම් පසුපසත් බලන්න. මා සමග හොරුන්, වංචා කාරයන් ඇත්තේ නැත. මොකෙක් වත් නැත. නරි රංචු පිටින් ආවාට, බන්ඩා එන්නෙ තනිවමය.
සාම්ප්‍රදායික පක්ශ දේශපාලනයට ගැති වූ බල අරගලය වෙනස් කරන්න පුලුවන් ආකර්ෂණීය  ප්‍රතිපත්ති මාලාවක් සමග අලුත්ම වැඩපිළිවෙළක්, කරන දිනෙත් එක්ක තමයි බන්ඩා අද ඔබ ඉස්සරහට ආවේ. එකින්  එක කියවලා බලන අතරේ යටින් සඳහන් කර ඇති මගේ බැංකු ගිණුමට මුදලක් තැන්පත් කර චන්ද කැම්පේන් එක සාර්ථක කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. හෙන ගහන සත්‍ය සහ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේ පමනක් හොරයක් බොරුවක් නැතිව මා මෙහිදී ජනතාවට ඉදිරිපත් කරනවා. එන්න අපි රට හදමු.

අංක එක

ඉටු කරන්නෙ – වැඩ භාරගන්නා පලමු වන දින

පලමුව ජනාධිපති ධූරයේ වැඩ සිදුවන්නෙ කෙසේදැයි කියා බැලිය යුතුය. ධූරයේ කිසිම පලපුරුද්දක් නැති නිසා පලවෙනි දින වැඩ ටික කොමදැයි බැලිය යුතුය. උදා : ජනාධිපති මන්දීරයේ මාගේ කාර්යාලය කාමරය කෙසේද, කෑම කන්නෙ කොතැනද , ශරීර කෘත්‍යන් කරන වැසිකිලිය කොහිද යන දෑ මුලින් ම සොයා බලා ගත යුතුය. 71ක් වසරක් දූශිත දේශපාලනය නිසා බැට කෑ ජනතාව්ට තව එක් දිනක් රට හදනකන් බලා සිටීම අවුලක් නොවේ යැයි සිතමි. පුරා පස්වසක් අප මුවඟ සිනහවෙන් සැරසූ සරල සිරිසේන මැතිඳුන්ගේ චායාරූපය අකමැත්තෙන් හෝ ගලවා දැමිය යුතුය. අහෝ කෙතරම් අභාග්‍යක්ද මේ සරල මිනිසාගේ වෙන්ව යෑම ? මගේ හද ශෝකයෙන් වැලපෙයි. මෙතුමන් පොලොන්නරුවේ සිටම රට පාලනය කල නිසා කාමරය දුහුවිලි බැඳී මකුළු දැලින් පිරී ඇතිවා නිසැකය. පලමු දිනය එසේ මාගෙ නව පත්වීමට ගැලපෙන පරිදි ජනාධිපති මන්දීරයේ වටපිටාව සහ මා සකසා ගැනීමට යෙදවීමට අදහස් කරමි. තවද, සරල ජනපතිඳුන් තැන තැන විසිකල බ්‍රෙශියර් සහ මයිලෝ පැකට් ද සොයා එතුමන්ගේ පොලොන්නරුවේ නිවසට තැපැල් කල යුතුය.

අංක දෙක

ඉටු කරන්නෙ – වැඩ භාර ගත් පසු යෙදෙන පලමුවැනි පාර්ලිමේන්තු දින.

මා පලමු වරට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ලෙස පාරිමේන්තුවට යන පලමු දින, සියලු රූපවාහිනී මගින් එය සජීවීව විකාශනය කිරීමට කටයුතු කරනු ඇත. අනිවාර්යයෙන්ම මේ 225 ම හොරු, දූශිතයන් නිසා මා හා ඔවුන් අතර කිසිඳු කතාවක්, සංවාදයක් සිදු නොව්නු ඇත. අඩු ගානේ ඔවුන් සමග සිනහ වත් නොවීමට මම පොරොන්දු වෙමි. කිඹුල් නහයෙන් මා හෙලනා රෞද්‍ර මුහුන මාගෙ මිතුරන් හොඳින් දනී. ඒ බැල්මම වඩාත් ත්‍රීවව මේ හොරු 225ට මම ඔබ වෙනුවෙන් එල්ල කරමි. කථානායක ගේ අවසරය ලත් වහාම, 225 දෙනාටම මම ගෙදර යන ලෙස බල කරමි. මන්ද ජන මතය හඳුනන ජනාධිපති කෙනෙක් ලෙස මම ජන මතය ඉටු කල යුතුය. නමුත් ඔවුන් මට සවන් නොදුන්නොත් මට කරන්න දෙයක් නැත. ජනතාවගේ අමතක උන චන්ද වලින් ඔවුන් පාරිමේන්තුවේ සිටින නිසා මට කල හැකි උපරිම කාර්යය තවත් කටේ සැර වැඩි කර “ගෙදර පලයල්ලාහ්” යැයි කීම පමනි. ඒහෙම කියලත් ගියේ නැත්මම් ඊලඟ පා‍ර්ලිමේන්තු චන්දය එන තෙක් තදින් ඉවසා සිටීන මෙන් මම මහජනයාගෙන් ඉල්ලමි.

අංක තුන

ඉටු කරන්නේ – බලයට පත්වී සතියකින් පමන පසු

225ත් ගෙදර යවා, නව පදවියේ බලතල මමත් මාගේ ආර්‍යාවටත් (තවම නාම යෝජනා කිසිත් නැත. අපේක්ශිකාවක් සිටී නම් කියන්න) විඳීමට සතියක් වත් අවශ්‍යය. ඉන් සතියකට පමන පසු, මම සොරුන් ඇල්ලීමට පටන් ගනිමි. ජනතාව මම බැට් මෑන් මෙන් ඇඳුමක් ඇඳ තංගුස් ලනුවක එල්ලී සොරුන් සොයා ඇල්ලීමක් බලපොරොත්තු නොවුන බව මම හොඳින් ම දනිමි. (මාගේ සටන් කාලා දැනුම එතරම් යහපත් නොවේ) ඒ නිසා මා හට ඇති බලතල අනුව පොලිස්පති තුමන්ටත්, අවශ්‍යතාව අනුව ත්‍රිවිධ හමුදාපති වරුන්ටත් දුරකථන පනිවුඩයක් දී හොරුන් ඇල්ලීමට මතක් කරමි. ඔවුන්ට පහලින් සිටින නිලධාරීන් එවිට ක්‍රියාත්මක වී සොරුන් අල්ලනු ඇත. තවද, සොර දේශපාලුවෙක්, ආයතන ප්‍රධානියෙක් දන්නේ නම් 1920 දුරකථන අංකයට කියන්න කියා දස දෙනෙකුට යවන වට්සැප් පනිවුඩයක් යැවීමටද හැකිය. (මෙය නම නොදන්නා ආර්‍යාවගෙන් අසා ඇය අනුමත කරන අයට පමණක් යැවිය යුතුය).

අංක හතර

ඉටු කරන්නේ – ජනපති වී මසක් පමන ගතවන කාලයේ..
සංවර්ධනය වියාපෘති පටං ගැනීමට කාලයයි මේ. පහතින් දැක්වෙන්නේ මාගේ දූර කාලයේදී ඉටු කිරීමට නියමිත සංශිප්ත එහෙත් පැහැදිලි සහ ප්‍රායෝගික සංවර්ධනය වියාපෘති කිපයක් පමනි.

ප්‍රවාහනය –
මාගේ යමහා වර්ගයේ යතුරු පැදියේ හැකි සෑම විටම තවත් මගියෙක් දාගෙන යාමට පොරොන්දු වෙමි. එමගින් රටේ ප්‍රවාහන ගැටලුවට සෘජුව පිලියම් යෙදීමට බලාපොරොත්තු වෙමි. (හෙල්මට් එකක් රැගෙන එන්න) මීට අමතරව අකුරට වැඩ කරන ප්‍රවාහන අමාත්‍යංශ ප්‍රධානීන්, ලංගම, බස් සේවක සංගම්, දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව තවත් පිලියම් ගෙන එනු ඇත. ඒ යෝජනා පුද්ගලිකව බලාත්මක කිරීමට මට බස්/කෝච්චි ලයිසන් නොමැති බව ජනතාව හොඳාකාරවම දැන ගත යුතු අතර අවංක නිල දරුවන් ඒවා ගැන සොයා බලා කටයුතු කරනු ඇත. අවශ්‍ය නම්, සජිත් මැතිඳුන් ආදර්ශයට ගනිමින් රියඳුරෙකු මෙන් නොව නව බස් රථයක කොන්දොස්තර ලෙස මංගල සවාරියට එක් විය හැක.

පුද්ගල සංවර්ධනය-
එදා මෙදා තුල සියලු දේශපාලකයන් විසින් අමතක කරන ලද පුද්ගල සංවර්ධනයට වැඩි ඉඩක් දීමය කැමැත්තෙමි. නූගත් නලු නිලි බට්ටන් මාද්‍යට පැමින ඔවුන්ගේ පුද්ගලික ජීවිතය හාරා අවුස්සා ජනතාවට පවසා ආතල් දීමෙන් කිසිම පලක් නැත. ඒ වෙනුවට හොලිවුඩයෙන් ආනයනය කල ටීවී සීරීස් හෝ පෙන්වීමට රූපවාහිනී නාලිකා වලට බල කරමි. ඔවුන් එසේ අකැමැති නම් ඒ ගුවන් කාලයේ මාද්‍ය ඉදිරියට පැමින ජනතාවට ආතල් දීමට මම නිහතමානීව ඉදිරිපත් වෙමි.
සමාජ මාද්‍ය වල හැසිරීම නිවැරදි කල යුතුය. ටික් ටොක් වැනි මාද්‍ය වල ඕනෑ පරිදි ගොන් ලෙස හැසිරිය හැක්කේ වාර විභාගයට නිසි ලකුණු ගන්නා සිසුන්ට පමනි. නැතිනම් උසස්පෙල සමත්ව තිබිය යුතුය. එසේ නොවන සියලු දෙනාට සමාජ මාද්‍යට පිවිසීම තහනම් වන අතර එය නොපිලිපදින්නන්ට දැඩි දඬුවම් පැනවීමට පනත් කෙටුම්පත් සකස් කරමි.

අගමැති රනිල් මැතිඳුන් බිහිකල රැකියා දසලක්ෂය සඳහා පුරප්පාඩු පිරවීමට අවශ්‍ය දසලක්ෂයක් දරුවන් බිහි කිරීමටත් මම එතුමාටම භාර දෙනවා. අගමැති තුමන් ප්‍රමුඛ අකිල, මංගල සහ සාගල මැති ඇමැති පිරිස මේ සඳහා හොඳම තේරීම බව මගේ අදහසයි.
ලක්ශ ගනනින් හොඳ පිරිමි දරුවන් මේ පුන්‍ය භූමියේ පහල වේවා !

ගමට සීඝ්‍ර සංවර්ධනය-
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් සංවර්ධනය ගමට ගෙන යාමට මා සූදානම්. දැනට සූදානම පමනක් මා සතුව ඇති අතර කරන විදියක් නැත. මාගේ ඒ සූදානම පමනක් ජනතාවගේ එකම බලාපොරොත්තුවයි.
මෙවැනි සූදානම පමනක් ඇති සංවර්ධන වියාපෘති බොහොමයක් ඇත. චන්දය ලැබී වසරකින් පමන පසු මතක් කොට සිනහා වීම සඳහා ඒවා සුරැකිව තබා ගමු.

අංක පහ

ඉටු කරන්නෙ – ගරු සුමනදාස මැතිඳුන් යෝජනා කරන ශුභ දිනයකදී

රාජපක්ෂ පාලනය අපේ රට ඇද දැමුවේ එසේ මෙසේ නය කන්දරාවකට නොවේ. මම පොරොන්දු වෙනවා මා මේ ණය උගුලෙන් රට බේරා ගන්නා බවට. මේ සඳහා ලීවර ක්‍රමය මා යෝජනා කරනවා. දිග දන්ඩක් ගෙන, ලීවර ක්‍රමයට එය සකස් කර, නය කන්දරාව ඔසවා රට මේ උගුලෙන් බේරාගැනීමේ පෙලහරට තව දින 54යි.

අංක හය

ඉටු කරන්නෙ – ජනාධිපති වී හය මසකට පමන පසු
දේශපාලන පලිගැනීම් කීපයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. හිත මිතුරු විපක්ශිකයන්ට බොරු නඩු කීපයක් දමා, හොරු අල්ලන චිත්‍රපටයක් නිර්මානය කොට ජනතාවට උසස් රසවින්දනයක් ලබා දීම මාගෙ සිහිනයකි.

අංක හත

ඉටු කරන්නේ – ජනාධිපති වී වසරකට පසු

දැන් විවේක ගැනීමට කාලයයි. ජනතාව ඉල්ලූ සෑම දේම වසරක් වැනි කෙටි කාලයකදී ලබා දීමට හැකි උන නිසා මේ වසරකට පසු ඉතාම විවේක සුවයෙන් සිටීමට සුදුසු මේ කාලයයි. තව වසර කීපයකින් විශ්‍රාම වැටුපක් සමග විශ්‍රාම සුවයත් විඳින්න තියෙන නිසා, දැන් ටිකක් විවේක සුව විදීම හොඳය. රාජ්‍ය තාන්ත්‍රික චාරිකා සඳහා මම මේ කාලය යොදා ගනිමි. පසුගින 71ක් වසරක දේශපාලන කාලය තුල රාජ්‍ය තාන්ත්‍රික චාරිකාවක නිරත වීමට නොහැකි වූ සියලු ආර්‍යාවන්, මැති ඇමති පුතුනු දියනියන්, හොර පුතුන් දියනියන්, බෑනා වරු මෙන්ම මස්සිනා වරුන්ද ඇතුලු රාජ්‍ය තාන්ත්‍රික දූත චාරිකා අහිමි ඌ  සියලු දෙනාට එම අවස්තාව මාගේ මේ දූර කාලය තුල ලබා දීමට කටයුතු කරමි.

අංක අට

ඉටු කරන්නෙ – ජනාධිපති වී වසර දෙක තුනකට පසු.
පාස්කු ප්‍රහාරය ජනතාවටත්, එයින් මිය ගිය අයට යුක්තිය ඉටු කිරීම ජනතාවට අමතක නිසා අන් සියලු අපේක්ශයන් මෙන් මමද නොදන්නා සේ සිටිමි. ඒ වෙනුවට පෙරහැරේ යන අලියෙක් ගැන හෝ, වන විනාශය ගැන ඉතා සංවේදී ප්‍රකාශයක් කිරීමට මම අදහස් කරමි.

දැන් ඔබට තේරෙනවා ඇති බන්ඩා කෙසේද ඉතාමත් ප්‍රායෝගිකව ජනාධිපති ධූරයේ කටයුතු කරන්නේ කියලා. ඉතින් මේ ප්‍රතිපත්ති මාලාව ජනතාව අතරට අරගෙන යන්න මේක ඔබේ මූනු පොතේ බෙදා ගන්න. එහෙම ශෙයා කරන හැමෝටම මාගේ දුරකතනයෙන් සපයන Free WiFi පහසුකමට අදාල මුරපදය ලබා දෙන බවට පොරොන්දු වෙනවා. එසේනම් නොවැම්බර් 16 උදෑසනම චන්දපොලට ගොස්, බන්ඩා නම් ශ්‍රී නාමය ඉදිරියෙන් ඔබේ වටිනා චන්දය සටහන් කර එන්න.

සුභ අනාගතයක්.

කුසල් මෙන්ඩිස්ට අපි මොකද කරන්නෙ ?

ec5550fc90b1dfaa765abfbd472cd6fb_XLපහුගිය දවස්වල අපේ ජනාධිපතිතුමාට පස්සෙ වැඩියෙන් ම බැනුම් අහපු මනුස්සයා මෙන්ඩා කීවොත් මම වැරදි නෑ කියල හිතනවා. කට්ටියක් පළු යන්න කොල්ලට බනිද්දි, තව කට්ටියක් මිනිහ ට බනින්න එපාය, කියකිය කියනවා. තව කට්ටියක් මිනිහව ඩොමෙස්ටික් දාල උඩට එන්න අවස්ථාව දෙන්නලු. මේ මම කීවෙ එක සිද්ධියක්, එහෙම නැත්නම් පුද්ගලයෙක් අලලා කට්ටියගෙ විවිධාකාර අදහස්. ක්‍රිකට් පිටියෙන් එලියට ගියත් ඔයටිකම තමයි. කට්ටියගෙ වැඩේ තව කාට හරි මොනාම හරි කියන එක. මොකකට හරි එකෙක් බැන්නම තව සෙට් එකක් එනවා රෙදි උස්සන්. දැන් මේකෙන් මොකද්ද හරි ? අපි මොකද කරන්නෙ මෙන්ඩව එලෝනවද ටීම් එකෙන් ?

මෙතනදී මම කුසල් මෙන්ඩිස් ව ගත්තේ උදාහරණයක් විදියට විතරයි. ඒ වගේම අදහස් දක්වනවා කියල කීවෙ පෝස්ට් ශෙයා කිරීමත් විතරයි. ( අපේ කොල්ලො කෙල්ලො හරි දක්ශයි කවුරු හරි ලියපු එකක් ශෙයා කරන්න, නැතිව ඔරිජිනල් තමුන් ම ලියපු දෙයක් මූනු පොතේ දාන්න ලැජ්ජයි ).ඇත්තටම මේ සමාජ මාද්‍ය හරහා අපි පට්ටම ගොන් වැඩ සෙට් එකක් කරනවා. ලොකුම එකක් තමයි “හාල් කෑලි ෆෝම් කිරීම”. ප්‍රසිද්ධම උදාහරනේ පියුමි හංසමාලි විටෙන් විට සුජාත හා පජාත කිරීම ගන්න පුලුවන්. මේ දේවල් ගොඩක් වෙන්නෙ, සමාජ මාද්‍ය වල ඉන්න සුලුතරයක් නිසා. ඒ සුලුතරය ඉතාම නිර්මානශීලීයි. ඕන අදහසක් ( හරි හෝ වැරදි ) හරිම ලස්සනට ලියන්න පුලුවන්. මේ අය මොනා හරි එයාලගෙ පුද්ගලික මතයක් ලියල එයාලගෙ මූනු පොතේ පලකරනවා. ඊට පස්සෙ අනික් බහුතරය මොකද කරන්නෙ, උඩ දාගෙන අරකට අදහස් දක්වනවා. සෙට් එකක් තමුන්ගේ තුන් හිතකවත් තිබුනෙ නැති අදහසක් අලුතින් කියෝල, ඒකට 200% එකඟ වෙලා love රියැක්ට් එකකුත් දාල ශෙයා කරනවා. තව සෙට් එකක් මේකට ෆෝම් වෙලා විරුද්ධව අදහසක් හිතෙන් මතු වෙලා, ඒකට බැනල කොමෙන්ටුවකුත් දාල, බැනලත් පෝස්ට් එකක් දාල පුලුවන් නම් දාපු එකාව රිපෝට් කරලත් එනව.

Continue reading “කුසල් මෙන්ඩිස්ට අපි මොකද කරන්නෙ ?”

කණ කපමු..

monkeyකණ තියෙන්නෙ මොකටද කියල මම හරියටම නම් දන්නෙ නෑ. ඒත් අපේ උං කණ ඕන දේට නෙමී පාවිච්චි කරන්නෙ කියලා නම් බන්ඩා දන්නවා. ඒ මොකද කියල අපි බලමු.

අනික් උන්ගෙ පොර ටෝක් අහන්න

හා නැද්ද ? අපි වැඩි හරියක් කරන්නෙ අනික් අය කියන දේවල්  අ හ න  එක නෙමී ද ? අම්මලා කියන දේ අහනවා. ඒක හොඳයි කියමුකෝ. යාලුවෝ කියන දේවල් අහනවා, උන්ගෙ අදහස් වලට වැඩ කරනවා. තව දේශපාලකයෝ කියන ඒවා අහනවා උන්ට චන්දෙත් දෙනවා. එහෙමත් නැත්නම් ගරු කටයුතු කථා කාරයන්ගේ කථා එහෙමත් අපි අහනවා නේ. ඉතිං මොකද්ද මේකෙ තේරුම ? ඇයි කවුරුත් කියන දේවල් අහල ඒ අනුව වැඩ කරන්නෙ ? ඔයාට තනියම හිතල දෙයක් කරන්න බැරි තරමට දුර්වලද කියල තමා අද බන්ඩා ඔයාගෙන් ප්‍රශ්න කරන්නෙ.

ඒ දවස්වල සිංහල අච්චු පොතේ පාඩමක් තිබ්බා තෝමස් අල්වා එඩිසන් ගැන. ඩයල් එක සෑහෙන්න දුක් මහන්සියෙන් ඉගෙන ගත්තාය, අපි එයාව ආදර්ශෙට ගන්න ඕනිය කියල. පස්සෙ පස්සෙ දැන් කතා වෙනවා තෝමස් අල්වා එඩිසන් ඇත්තටම ඔය නිර්මාන කලේ නෑ, එඩිසන් ගේ ගෝලයා උන ටෙස්ලාගේ ඒවා එයාගෙ නමින් ඉදිරිපත් කලාය, ඒ මදිවට ටෙස්ලාට ෆුල් කැපිල්ල දැම්ම කියලත් කියනවා. එතකොට අපි ආදර්ශෙට ගන්න ඕනෙ ඒ වගේ කෙනෙක්ව ද ? හරි. ටෙස්ලා පොරක්ය කියමු. එහෙමයි කියලා මිනිහාව ආදර්ශෙට ගන්නවාද ? බැරිවෙලාවත් පස්සේ කීවොත් මිනිහා කුඩු කාරයෙක් කියල ? එතකොට එහෙම මනුස්සයෙක් ද අපි ආදර්ශෙට ගන්න ඕනෙ ?
හරි එතකොට මාටින් ලූතර් ? එයා ආදර්ශෙට හොඳඳ ? කලු ජාතීන් වෙනුවෙන් සටන් කරපු මාටින්, ලැබුන ආධාර (Donations) අරගෙන සුදු හම ඇති ගණිකාවන් එක්ක හොඳට බීලා සතුටු වෙලා තියෙනවාලු. එතකොට එහෙම චරිතයක් ද ආදර්ශවත් කියන්නෙ ? දැන් කවුරු හරි කියයි, නෑ බන්ඩෝ එහෙම නෙම, අපිට එයාලගෙ පෞද්ගලික දේවල් වැඩක් නෑ, එයාලගෙ ජීවිත වලින් ඉගෙන ගන්න දෙයක් තියේනම් ඒක ඉගෙනගන්න පන්ඩිත කතා නොකිය කියල. බන්ඩා කියන්නෙ එහෙනම් අපිට ඔසාමා බින්ලාඩන් ගෙ ජීවිතේනුත්, හිට්ලර් සහ ප්‍රභාකරන් ගේ ජීවිත වලිනුත් ගන්න දේවල් තියෙනවා. ඒත් එහෙම වෙන්නෙ නෑ නේද ?

Continue reading “කණ කපමු..”

මොකද්ද බං මේ විකාරේ ?

brainandheartසිරාවට අහන්නෙ. මොකද්ද මේ විකාරෙ ? මචං උබේ වයස කීයද ? අනිවා 20ක් 23ක් අතර ඇති. එතකොට ඔයා වයස කීය වෙනකන් ජීවිත් වෙන්න් බලාපොරොත්තු වෙනවද ? බන්ඩාට නම් වයස 50න් පස්සෙ ලොකු බලාපොරොත්තු නෑ. 60 වෙනකන් ඉතිං පොඩ්ඩක් මැරෙන්නෙ නැතිව ඉඳීවි සීයා ලෙවල් එකෙන්. (කියල හිතං ඉන්නවා තාම ආච්චි කෙනෙක් හම්බෙලත් නෑ මුනුබුරෙක් ගැන හිතන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න 😅) අපි නිකමට හිතමු 50 වෙනකන් කිසි අවුලක් නැතිව full ලල් එකේ ජීවිතේ හිටිය කියල.

හරි. දැන් වයස 50 වෙනකන් පොඩි ප්ලැන් එකක් හිතේ ඇති නෙ. ලඟදිම ජොබක් කරනවා, මේ වෙද්දි බඳිනවා, වගේ. දැන් හිතලා බලන්න, ඔයා ඉගෙන ගන්න දේවල්. අවුරුදු 25ක් විතර වෙනකන් ඉගෙන ගන්නවා සාමාන්‍යයෙන් උසස් අද්‍යාපනය කරන එකෙක්. (Degree level එකකට යන එකෙක්) නැත්නම් හොඳ ජොබ් එකක ස්ථාවර වෙන්න වගේ යනවා අවුරුදු 25ක් විතර වෙනකන්. එතකොට අපේ ජීවිතේ භාගයක් ම ගෙවිලා හරිය. දැන් මගේ point එක මේකයි. අපි වයස 25 ඉඳලා 50 වෙනකන් කෑල්ල ගත කරන්න, මුලින් අවුරුදු 25ක් ම නාස්ති කරල. එහෙමත් නැත්නම්, ජීවිතේ බාගයක් හොඳට ඉන්න, ජීවිතේ බාගයක් ම කට්ට කාල.
මොකද්ද බං මේ විකාරේ?

විකාර හෙලා දකිමු !! අපේම විකාරයක් නටමු !!

මේ ගොං සමාජ ක්‍රමයෙන් එලියට බහිමු බං අපි. ජීවිතෙන් බාගයක් කට්ට කනවා ඉතුරු බාගෙ ලල් එකක් ගන්න, හොඳ ජොබක් කරන්න. ජීවිත කාලෙම එකිනෙකා එක්ක ඉන්න ගිවිස ගන්නවා මහා ජනකායක් ඉදිරිපිට පට්ට පාටියක් දාල, ඒත් උන් දෙන්නම ජිවිතේ ලොකු බාගයක් දැනටමත් ගෙවලා ඉවරයි. තමුන්ගෙ ජීවිතකාලෙම ගත කරන්න ඕනෙ මනුස්සයා හොයන්නෙ නැතිව අපි මේ ඉදිරි අවුරුදු කීපයක් ලල් එකේ ඉන්න හිතාගෙන ලෝකෙ නැති වැඩ කරලා හෙන තරඟයක දුවලා. හැබැයි ඒ වෙද්දි අපේ උරුමක්කාරි අපිට මිස් වෙලා තියෙයි. පට්ට ආතල් මිස් වෙලා තියෙයි.

Continue reading “මොකද්ද බං මේ විකාරේ ?”

බන්ඩාගෙන් පුංචි wake-up Call එකක්..

callමචං උබ දැන් මොනාද කර කර හිටියෙ ? මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක් ද ? අනේ ඒනම් මේක කියෝන එක පැත්තකට දාලා ඒ වැඩේ කරපං මචං මොකද උබේ ඒ වෙලාව අපරාදෙ..

තාමත් කියෝනවාද ? ඒනම් උබට තමයි මේ බන්ඩා කතා කරන්නෙ..
හෙලෝ මචං කෝමද ? මොනාද ඔය පැත්තෙ වෙන්නෙ.. දන්නවාද, ජීවිතේ බං අපි සම්පූර්ණයෙන් ම අනික් පැත්ත හැරෙන අවස්තා බොහොම ටිකයි තියෙන්නෙ.. ඔය මහලොකු motivational speakers ලගේ කතා අහලවත්, Facebook එකේ ලොරි ටෝක් post එකක් අහලවත් මිනිස්සු වෙනස් වෙලා නෑ. ( 1000 ටෝක් කියයි, යක්කු ටෝක් කියයි, දාහක් විකාර නෙ ) ඒ ගැන වෙනම කතා කරමු. මිනිස්සු වෙනස් උනේ උන්ටම හිතිල. සමහර වෙලාවට බූටක් කෑවමත් වෙනස් වෙනවා මේ බන්ඩා වගේ. ඉතිං මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්.. මචං/මචී, ඔයා හුග දවසක් ඉඳන් කරන්න හිටපු දෙයක් තියෙනවාද ?හොඳට හිතන්න.. සමහරවිට Facebook එකේ හිතගිය කෙල්ලෙක්ට hi එකක් යවන්න වෙන්න පුලුවං. නැත්නම්, chat කරන කෙල්ලෙක්ට කොල්ලෙක් ට කැමැත්ත ප්‍රකාශ කරන්න වෙන්න පුලුවං. සමහරවිට අධ්‍යාපනයට සම්බන්ද මොනාහරි, ඒමත් නැත්නම් අඩුමගානෙ කැමති සින්දුවක් download කරන්න හරි වෙන්න පුලුවං. ඒනම් මේක කියෝන එක අමතක කරලා ඒ වැඩේ කරපං බං. මීට වඩා හොඳ වෙලාවක් තවත් නෑ, සහ, ඕවා කල් දාන්නත් එපා බං. කොහෙ හරි තියෙන මොරාල් එකක් හිතට අරං වැඩේ කරපං බං. ජීවිතේ එක තප්පරයක් අපතේ යවන්න එපා. කොටින්ම උබට උබේ කොල්ල, කෙල්ල මතක් උනා නම් ඌට ආදරෙයි කියල හරි කියපං ඒක වටීවි මේ පල්හෑලි කියෝනවට වඩා. අනේ තනිකඩ නම් බං හොටුපෙරාගෙන අඬ අඬ ඉන්නෙ නැතිව කොන්ඩෙ රැවුල කපලා කෙල්ලෙක් කැමති වෙන විදිහට පිලිවෙලක් වෙයං, හරි දැං ගිහින් හොඳ කෙල්ලෙක් බලමු fb එකේ.. හරි අපි ඒ හිතේ තිබ්බ වැඩේ කරමු. ටටා බායි..

Continue reading “බන්ඩාගෙන් පුංචි wake-up Call එකක්..”

ඇද ගැන නොදත් තතු…

bed
ඇඳ,
කාමරේ ලයිට් එක නිවලා පැයට කිලෝමීටර් 120ක් වේගෙන් දුවගෙන ඇවිත් ඇඳට පනින්නේ හොල්මන් වලට අපි බය නිසා තමයි. අපි කවුරු අතරෙත් පොදු විශ්වාසයක් තියෙනවා හොල්මන් වලට ඇඳට එන්න බෑ, නැතිනම් අපේ ඇඳ තියෙන්නෙ safe zone එකෙ, යක්කු ප්‍රේතයන්ට ඇඳට නගින්න බැරිය කියල.. අද බන්ඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපේම ඇඳ ගැන තමයි.

පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මනුසයෙක් තමන්ගේ ඇඳට වැටුනාම මොලය මගින් toidi-uoy කියන හෝමෝනය ශරීරයේ නිපදවනවා කියල. මේ හෝමෝනය මගින් අපිට මේ ඇඳ සම්බන්දව ආරක්ෂකාරී හැඟීමක් ඇති කරවන්නෙ. ( අපේ ඔලුවේ වෙන ගොඩක් දේ වලට මේ හෝමෝන බලපානවා, කොටින්ම ආදරේ දැනෙනෙත් හෝමෝනයක් නිසා 😉 ) ඉතිං මේ හෝමෝනය මගින් අපි ඇඳේ ඉද්දි ඇති කරපු ආරක්ෂකාරී හැගීම් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි කාමරේ ලයිට් එක නිවලා කෙලින්ම ඇඳට, එහෙමත් නැත්තම් අපිට වඩාත් ආරක්ශාකාරී කියල හිතෙන තැනට ඉක්මනට යැවෙන්නෙ.

සමහරුන්ට තමුන්ගෙ ඇඳ තරම් තවත් හොඳ තැනක් ලොවෙත් නෑ. පාඩම් කිරීමේ ඉඳලා කෑම බීම ගැනීම, කෙල්ලට කොල්ලට මෙසේජ් කිරීම වගේම හැම දේම කරන්න මේ ඇඳ තමයි එයාලට අයිඩියල් ප්ලෙස් එක. ඒක වෙන්නේ මොලයෙන් ශ්‍රාවය කරවන awuruubnog කියන හෝමෝනය මගින්. අපි මොකක් හරි අපි කැමති දෙයක් කරද්දි, ඒ කරන දේ එක්ක අපේ ශරීරය සහ අවට පරිසරය එකට link කිරීමකට ලක් කරනවා. ඉතිං අපි මේ කරන කියන දේවල් අපේ මොලය ඇතුලදී අපි කරන තැන, වටපිටාව වගේ හැමදේ එක්කම සම්බන්දයි. මොකක් හරි වැඩකට, උදාහරණයක් විදිහට කෑම කන එක හිතුවොත්, ඒකට ඇඳ link උනාම දිගටම අපිට කෑම කන්න සෙට් වගේ තේරෙන්නෙ අපේ ඇඳ.

ඇදේ කරන ගොඩක් දේවල් තව තියෙනවා නෙ ඉතිං. මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත දවස් වල ඉඳලාම මේ අපේ ශරීර කූඩුවත් අපි නිදාගන්න ඇඳ නැත්නම් පැදුර එක්ක බැඳිලා තියෙනවා. අග්නිදිග ආසියාතික රටවල නිදාගන්න ඇඳට පූජනීය බවක් ආරූඩ කර, වන්දනාමාන පවා කරනවා කියල තොරතුරු වාර්තා වෙනව. නිදාගන්න ඇදත් එක්ක විවාහ උන මනුස්සයෙකුත් වාර්තා වෙනවා දකුනු හංගේරියාවෙන්. ඉතිං ලෝකෙ පුරා අඩු වැඩි වශයෙන් මේ ඇඳට මාර වටිනාකමක් දෙන්නෙ අපේ ඇද අපිට පට්ටම විදියට සමීප වෙලා තියෙන නිසා. ( toidi-uoy හා awuruubnog හෝමෝන තමයි විද්‍යාත්මක හේතුව. )

ඇඳ ගැනත්, toidi-uoy හා awuruubnog හෝමෝන ගැනත් හොඳ අවබෝදයක් ලැබුනා කියල හිතනවා මේ ලිපියෙන්. අන්තිම වෙනකන් කියෙව්වට ස්තූතියි කියන ගමන්ම, කියන්න ඕනේ ඔය කියපු ඔක්කොම දේවල් පට්ට පල් බොරු බව. බන්ඩාගෙ හිතේ ඇතිඋන විකාර සිතුවිලි ලස්සනට විද්‍යාත්මක විදිහට ගලපලා දුන්නේ පාඩමක් කියලා දෙන්න. ( ඕනෙ නම් හෝමෝන වල ඉංග්‍රීසි අකුරු අග සිට මුලට බලන්න 😂 ) යකෝ මොකෙක් හරි බර වචනෙන් කීවම උබලා ඕන ඉටිගෙඩියක් විශ්වාස කරනවා විතරක් නෙමී මහලොකුවට අනික් අය අතරෙ ශෙයා කරනවත් එක්ක facebook වල. ඔන්න ඔතන තමයි ලංකාවට වැරදුනේ. අනික් උන් කියන ඒවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිලිගන්නවා. පොඩි කාලෙ ඇයි , කෝමද එහෙම වෙන්නෙ කියල ප්‍රශ්න කරපු හිත් අපේ අද්‍යාපන ක්‍රමය මගින් ඝාතනයට ලක් කරලා. ටීච කියන දේ අහගෙන ඉඳලා පේපරේ ලියන එකා ලොකු වෙලත් ඌට වඩා ටිකක් දන්නවා වගේ හිතෙන එකෙක් කියන ඕන දෙයක් පිලිඅරගෙන තමුන්ගෙ ලමයින්ටත් ඒ පට්ටපල් බොරුවම උගන්නනවා. අද ඉඳන් වත් හැදියංකෝ කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව share නොකර ඉන්න social media වල. අනික් උන්ටත් පාඩම කියල දෙන්න ඕනෙ කියල හිතෙනව නම් ඉතිං පහල share බොත්තම ඔබලා දාන්න ❤

-බන්ඩා-

Best way to stay motivated

පොඩි කාලෙ ඉඳලම අපේ අම්මා කියන දෙයක් තමයි මගේ කිසි උනන්දුවක් නෑ කියන එක. මං හිතන්නෙ ඒක හැමෝටම පොදු ඇති. O/L කාලෙත්, A/L කාලෙත් අපි බලෙන් වගේ ඇති කරගන්න හදපු දෙයක් තමා උනන්දුව, නැත්නම් කඩ්ඩෙන් ලස්සනට කියනවා නම් motivation (අභිප්‍රේරනය) කියන එක. එක එක අය එක එක දේවලින් motivate වෙනවා. උදාහරණයක් හැටියට මේ පඬි වදන් දෙන බන්ඩා ව ගත්තොත්, මට පුද්ගලිකව motivation එකක් එන්නෙ අනික් අය දිහා බලල. නිකං අරයට පන්තියේ පලවෙනියා වෙන්න පුලුවන් නම් මට බැරි වෙන්න බෑ.. ඒ වගේ… (ඒක එච්චර හොඳ ගුනයක් නෙවෙන්න පුලුවං ඉතිං අපි කියලත් සර්ව සම්පූර්ණ නෑ නේ..) කොහොමෙන් කොහොම හරි සමහර අය motivate වෙනවා ප්‍රසිද්ධ / සුවිශේෂ  පුද්ගලයෝ දිහා බලලා.. මමත් කවදා හරි බිල් ගෙට්ස් වගේ වෙනවා කියල වගේ. තව සමහර අය හයියෙන් කෑ ගහනවා ”  මාටා පුලුවාන් ” කියලා.. තවත් සමහරු කණ්නාඩි දිහා බලාගෙන තමුන්ටම මුමුනනවා ලු. ඔක්කොම හරි එතකොට motivate වෙන්න හොඳම විදිය මොකද්ද ? ආන්න දැන් තමා පුතා අපි point එකට ආවෙ..

ලොව ගොඩාක් ඉන්නවා motivational කතා කියන කතාකාරයෝ.. ඔය කඩ්ඩෙන් කොටන ඉංග්ලිස් කතා වලට වඩා ලංකාවෙ අපිට සුපිරියට motivate වෙන්න පුලුවං විදියක් තමා මේ කියන්න බන්ඩා හොයා ගත්තෙ. ( හරි අගේ කරල ඉවරයි දැන් කියන්න යන්නෙ )
මේ ශ්‍රී ලංකා ද්වීපයේ අපිට තියෙන හොඳම සහ එකම motivation එක තමයි අපේ අතිගරු ජනාදිපති මයිත්‍රීපාල සිරිසේන මැතිඳුන්. ඒ මහත්මයා කවුද කියන්න මුලු රටම දන්නවා. නොදන්න අයටත් දැන ගන්න එක්කලාම මේ වීඩියෝවත් බලන්නකෝ.

පල්ලේවත්තෙ ගමරාලලාගේ මයිත්‍රීපාල යාපා සිරිසේන, ගොවි පවුලකින් පැවැත එන, ග්‍රාම නිලධාරීවරයෙකුව පටන්ගෙන අද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු 7 වෙනි විධායක ජනාධිපති වශයෙන් වැජැඹෙනවා. ඉතිං සරලවම හිතලා බලන්න උඩ video එකේ ඉන්න මයිත්‍රීපාලට පුලුව්නම් ලංකාවේ ජනාධිපති මට්ටම දක්වාම යන්න, ඔයාට ඔයාගෙ O/L, A/L exam එක, එහෙම නැත්නම් කැම්පස් යන එක, කැමති කෙල්ල සෙට් කර ගන්න එක, ජොබ් එකේ උඩටම යන එක, …ඕව නිකං සෙල්ලම් වැඩ…

Continue reading “Best way to stay motivated”