කුසල් මෙන්ඩිස්ට අපි මොකද කරන්නෙ ?

ec5550fc90b1dfaa765abfbd472cd6fb_XLපහුගිය දවස්වල අපේ ජනාධිපතිතුමාට පස්සෙ වැඩියෙන් ම බැනුම් අහපු මනුස්සයා මෙන්ඩා කීවොත් මම වැරදි නෑ කියල හිතනවා. කට්ටියක් පළු යන්න කොල්ලට බනිද්දි, තව කට්ටියක් මිනිහ ට බනින්න එපාය, කියකිය කියනවා. තව කට්ටියක් මිනිහව ඩොමෙස්ටික් දාල උඩට එන්න අවස්ථාව දෙන්නලු. මේ මම කීවෙ එක සිද්ධියක්, එහෙම නැත්නම් පුද්ගලයෙක් අලලා කට්ටියගෙ විවිධාකාර අදහස්. ක්‍රිකට් පිටියෙන් එලියට ගියත් ඔයටිකම තමයි. කට්ටියගෙ වැඩේ තව කාට හරි මොනාම හරි කියන එක. මොකකට හරි එකෙක් බැන්නම තව සෙට් එකක් එනවා රෙදි උස්සන්. දැන් මේකෙන් මොකද්ද හරි ? අපි මොකද කරන්නෙ මෙන්ඩව එලෝනවද ටීම් එකෙන් ?

මෙතනදී මම කුසල් මෙන්ඩිස් ව ගත්තේ උදාහරණයක් විදියට විතරයි. ඒ වගේම අදහස් දක්වනවා කියල කීවෙ පෝස්ට් ශෙයා කිරීමත් විතරයි. ( අපේ කොල්ලො කෙල්ලො හරි දක්ශයි කවුරු හරි ලියපු එකක් ශෙයා කරන්න, නැතිව ඔරිජිනල් තමුන් ම ලියපු දෙයක් මූනු පොතේ දාන්න ලැජ්ජයි ).ඇත්තටම මේ සමාජ මාද්‍ය හරහා අපි පට්ටම ගොන් වැඩ සෙට් එකක් කරනවා. ලොකුම එකක් තමයි “හාල් කෑලි ෆෝම් කිරීම”. ප්‍රසිද්ධම උදාහරනේ පියුමි හංසමාලි විටෙන් විට සුජාත හා පජාත කිරීම ගන්න පුලුවන්. මේ දේවල් ගොඩක් වෙන්නෙ, සමාජ මාද්‍ය වල ඉන්න සුලුතරයක් නිසා. ඒ සුලුතරය ඉතාම නිර්මානශීලීයි. ඕන අදහසක් ( හරි හෝ වැරදි ) හරිම ලස්සනට ලියන්න පුලුවන්. මේ අය මොනා හරි එයාලගෙ පුද්ගලික මතයක් ලියල එයාලගෙ මූනු පොතේ පලකරනවා. ඊට පස්සෙ අනික් බහුතරය මොකද කරන්නෙ, උඩ දාගෙන අරකට අදහස් දක්වනවා. සෙට් එකක් තමුන්ගේ තුන් හිතකවත් තිබුනෙ නැති අදහසක් අලුතින් කියෝල, ඒකට 200% එකඟ වෙලා love රියැක්ට් එකකුත් දාල ශෙයා කරනවා. තව සෙට් එකක් මේකට ෆෝම් වෙලා විරුද්ධව අදහසක් හිතෙන් මතු වෙලා, ඒකට බැනල කොමෙන්ටුවකුත් දාල, බැනලත් පෝස්ට් එකක් දාල පුලුවන් නම් දාපු එකාව රිපෝට් කරලත් එනව.

දැන් එතකොට අපි මොකද බන්ඩා කියන විදියට කරන්න ඕනෙ ? Facebook නොයා ඉන්නද ?
ඇත්තටම නෑ. Facebook යන්න ඕනෙ. කොටින්ම Facebook එක හදලා තියෙන්නෙත් එක එකාට පොර ටෝක් දෙන්නම තමයි. හැබැයි මම කියන්නෙ ඔරිජිනල් වෙන්න කියල මේ Facebook එක ඇතුලෙ. ඉස්සර ලිඳ ලඟ සංගමයේ ඇන්ටිලා සෙට් එක එකතු වෙලා කවුරු හරි කියපු ඕපයක් ආයි අනික් අතට පෙරලන්න එපා. තමුන් අලුතින් දෙයක් හිතලා ලස්සන අදහසක් එකතු කරන්න.

හරි එතකොට බන්ඩො කුසල් මෙන්ඩිස් ට අපි මොකද කරන්නෙ ?
හොඳ ප්‍රශ්නයක්.. ඇත්තටම මේ පුද්ගලයො, එහෙම නැත්තම් සමාජෙ වෙන දේවල් ගැන හොඳ හෝ නරක අදහසක් දැක්කම අපිට කරන්න පුලුවන් හොඳම දේ කියෝලා අදහස හිතට අරන් මොකූත් නොකර ශේප් එකේ පහලට යන්න. මොකද කවුරුත් පුද්ගලයො ගැන අපි පෞද්ගලිකව දන්නෙ නැති නිසා. මෙන්ඩට අද බනින උන් හෙට පට්ට මචං කියල දානවා. ලීක් වෙච්ච එකක් තියෙනවා කියල ලින්ක් ඉල්ලන උන් පස්සෙ උබේ නංගිට එහෙම උනා නම් මොකද කරන්නෙ අහනවා. අනික් එක situations වෙනස් වෙනවා. අද අපි මඩ ගහන ඩයල් එක පස්සෙ දවසක රට බේර ගත්ත වීරය වෙන්න පොඩි සිද්දියක් උනා නම් ඇති. ඒ නිසා බන්ඩා කියන්නෙ කාටවත් බැනල, එහෙම නැත්නම් හෙන උඩ දාල තියෙන පෝස්ට් ශෙයා කරන්න එපා මචං. පුලුවන් නම් උබම හිතල හොඳ අදහසක් දාන්න වගකීම් සහගතව. නැත්නම් එපා.
අයියෝ බං බන්ඩො, Fb එකේ අතල් එකක් ගත්තට මක් වෙනෝද ?
මෙහෙමයි මචං. Facebook එක තියෙන්නෙ මම කලින් කීව වගේම පොර ටෝක් දෙන්න, ආතල් දෙන්න, ඒවට තමයි. ඒත් අදහස් දක්වද්දි අපි පුලුවන් තරම් ඔරිජිනල් වෙන්න, කොපි නැති අපේම අදහස් දෙන්න බලනවා නම් හොඳයි. අනික් එක අපි මූනු පොතේ කරන කියන දේවල් ගැන ගොඩක් අය බලන් ඉන්නවා. සමාජෙ හැසිරෙන විදියටම සමාජ මාද්‍ය වලත් හැසිරීම හොඳ පුරුද්දක්. සරලවම, ඔයාගෙ මූනු පොතේ ඕන එකක් Share කරන්න ඔයාට අයිතිය තියෙනවා. බන්ඩ කියන්නෙ ඒකෙන් ටිකක් ඉදිරියට ගිහින් ගැලපෙන දෙයක් Share කරමු කියල විතරයි.

අවසානයට, මම මෙහෙම ඉවර කරන්නම්….
ඔරිජිනල් වෙන්න. සමාජ මාද්‍ය වලදී වගේම ජීවිතයේදිත්. කොපි නැති තමුන්ගෙම නිර්මානශීලීයි දෙයක් කරන්න. මේක අදහසක්, ක්‍රියාවක්, නැටුමක්, ඕන දෙයක් වෙන්න පුලුවන්. ඔරිජිනල් තමන්ගෙ දෙයක් ඕන තැනක කරන්න කියන්න පුලුවන් නම් පට්ට.

එහෙනම්, ජය. !

ප.ලි : මේ Blog Post එක උනත් share නොකරට කිසිම අවුලක් නෑ. ඔරිජිනල් වෙන්න. බන්ඩව උනත් ඕනෙවට වඩා උඩ දාන්න එපා. ❤

Leave a comment